ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2024 නොවැම්බර් මස 01 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
වැසිතත්ත්වය: |
දිවයින වටා වන මුහුදු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
සුළඟ: |
සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. |
මුහුදේ ස්වභාවය: |
දිවයින වටා වන මුහුදු ප්රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. |