කාලගුණ හා දේශගුණ දත්ත

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 38.1°C
Polonnaruwa
min temperature
Min. Temperature 14.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 70.0mm
Monaragala

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2024 මැයි මස 08 දින පෙ.ව. 07.00 ට, ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)

දිවයින වටාවන මුහුදු ප්‍රදේශ

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළඟ:

සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා  හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා  හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

 

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:  

EQ - 06N, 80E-100E           : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

17N - 20N, 85E-95E            : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.                 

06N - 10N, 80E-100E          : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                  : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

10N- 20N, 80E-100E           : දක්ෂිණාවර්තව /පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී.  (45-50) දක්වා.

EQ- 08N, 80E-85E              : බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-35).

සෙසු මුහුදු ප්‍රදේශ                  වයඹ දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-25).

මුහුදේ ස්වභාවය:‍

05N- 20N, 80E-90E           : මඳ වශයෙන් රළු , විටින් විට තරමක් රළු.

EQ- 08N, 80E-85E             : මඳ වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                  : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

 

        

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                                 

EQ-05N, 60E-80E              : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05N- 10N, 70E-80E             : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                   : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 10N, 65E-80E              : බස්නාහිර සිටවයඹ දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. 40       දක්වා.

10N- 20N, 65E-77E             : උතුර සිට ඊසාන දක්වා වන දිශා වලින් /පැ.කි.මී. (20-30);

සෙසු මුහුදු ප්‍රදේශ                   : නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

EQ- 10N, 65E-80E             : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                   : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

 

 

 

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -10S, 60E-75E            : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ -10S, 80E-100E          : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                  : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.       

සුළංතත්ත්වය:

05S-10S, 60E-100E           : ගිණිකොන දෙසින් / පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. (45-50)  දක්වා.     

සෙසු මුහුදු ප්‍රදේශ                   : බස්නාහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-30).

මුහුදේ ස්වභාවය:  

05S-10S, 60E-100E           : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                   : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

 

 **ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 08 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා හම්බන්තොටදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.