මහජනයා සඳහා කාලගුණ අනාවැකි
blinking red light alert

WARNING

2024-05-18

blinking red light alert

ADVISORY

2024-05-18

කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2024 මැයි මස 18 දින සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි 19 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු .

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 01.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩිතද වැසි ඇතිවිය හැක.

දකුණු පළාතේ විටින්විටහමනපැ.කි.මී. (30-40)පමණතරමක් තදසුළංඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 19 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

වැසි තත්ත්වය:

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල තද වැසිද ඇති විය හැක. දිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය:

බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන අතර කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ඉදිරි පැය 36සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2024මැයි මස 18 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම,  වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

දකුණු පළාතේ විටින්විටහමනපැ.කි.මී. (30-40)පමණතරමක් තදසුළංඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     

දිනය :

2024-05-19

නගරය

උෂ්ණත්වය(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

25

95

70

වැසි වාර කිහිපයක්

මඩකලපුව

31

26

95

75

සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

කොළඹ

29

25

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ගාල්ල

28

25

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

යාපනය

30

25

95

75

වැසි වාර කිහිපයක්

මහනුවර

27

22

95

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

නුවරඑළිය

18

15

95

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

රත්නපුරය

29

24

95

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ත්‍රිකුණාමලය

30

25

95

70

සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

මන්නාරම

29

26

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

           

 

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 33.6°C
Pottuvil
min temperature
Min. Temperature 14.5°C
Nuwara Eliya
max rain
Max. Rainfall 100.2mm
Galle

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

මහජනයා සඳහා කාලගුණ අනාවැකිය.

2018 දෙසැම්බර් මස 01 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

 

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සහ හෙට දිනයන්හිදී (දෙසැම්බර් 01 සහ 02) බලාපොරොත්තුවේ.

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.