Sunrise Sunset / Moonrise Moonset

කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2024 මැයි මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 14 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව,ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිරසහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

 

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 14 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2024 මැයි මස 13 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 වැඩිතද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     

දිනය :

2024-05-14

නගරය

උෂ්ණත්වය(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

95

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

මඩකලපුව

33

26

90

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

කොළඹ

31

25

95

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ගාල්ල

31

26

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

යාපනය

33

26

90

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

මහනුවර

31

22

95

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

නුවරඑළිය

21

14

95

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

රත්නපුරය

34

24

95

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ත්‍රිකුණාමලය

34

26

95

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

මන්නාරම

32

26

95

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

 

 

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 35.7°C
Rathnapura
min temperature
Min. Temperature 14.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 90.4mm
Bibila ( Monaragala )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

Sun rise and sun set 2016

 

moon rise

Moon rise and moon set 2016