climate

දේශගුණය

යම් ස්ථානයක දීර්ඝකාලයක් පුරා (එක් මාසයක සිට වර්ෂ මිලියන ගණනාවක් දක්වා, නමුත් සාමාන්‍යයෙන් වර්ෂ 30ක් දක්වා) වායුගෝලයේ පවත්නා තත්වය දේශගුණය ලෙස අර්ථනිරූපණය කෙරේ. දේශගුණය යනු වායුගෝලීය මූලද්‍රව්‍ය (සහ ඒවායේ වෙනස් වීම්වද) එනම් සූර්ය කිරණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාව. වලාකුළු, වර්ෂණය (ආකාරය, තීව්‍රතාව, ප්‍රමාණය) වායුගෝලීය පීඩනය සහ සුළං (වේගය සහ දිශාව) යන මේවායේ එකතුවකි.

නිවර්තන කලාපයේ උත්තර අක්ෂාංශ 50 55/ සිට 90 51/ දක්වා පරාසය අතර සහ නැගෙනහිර දේශාංශ 790 42/ ත් 810 53/ ත් අතර ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව දිවයිනේ දේශගුණය නිවර්තන කලාපික දේශගුණික ලක්ෂණවලින් යුක්ත වේ.

භූ ලක්ෂණ

දිවයිනේ දක්ෂිණ අර්ධයේ මධ්‍යම කොටස කි.මී. 2.5 ට වැඩි උසින් යුත් කඳු සහිත ප්‍රදේශයකි. මධ්‍යම උස්බිම් වල අභ්‍යන්තරය, වැටි, කඳු මුදුන්. සානු, නිම්න, මිටියාවත්, මොහොර වැනි සංකීර්ණ භූ ලක්ෂණ වලින් සමන්විතය. දිවයිනේ ඉතිරි ප්‍රදේශයට අයත් පහත් බිම් තැනින් තැන ඉස්මතු වී තිබෙන කුඩා කඳු ගැට හැරුණු විට සාමාන්‍යයෙන් තැනි බිමකි. විශේෂනේම මෝසම් සමයේ ව්‍යාප්ත වන සුළං රටා, කාලීන වර්ෂාපතන, උෂ්ණත්ව, සාපේක්ෂ ආර්ද්‍රතා සහ අනෙකුත් දේශගුණික තත්වයන්ට මෙම භූ ලක්ෂණ බෙහෙවින් බලපායි.

වර්ෂාපතනය

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට බහුවිධ සම්භවයක් ඇත. වාර්ෂික වර්ෂාපතනයෙන් බහුතරය මෝසම්, සංවහන, සුළිසුළං වැසි වලින් යුක්ත වේ. වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය වඩාත් වියළි පෙදෙස් වල (ඊසාන දිග සහ ගිණිකොණදිග) මි.මී. 900 අඩු ප්‍රමාණයක සිට වඩාත් තෙත් පෙදෙස් වල (මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම්) මි.මී. 5000 ට ඉහළ ප්‍රමාණයේ දක්වා වෙනස් වන විවිධි ප්‍රමාණවලින් යුක්ත වේ. (1 වන රූපය)

annual rainfall in sl

1 වන රූපය ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය

උෂ්ණත්වය

ශ්‍රී ලංකාවේ ඉහළ වායුගෝලීය උෂ්ණත්වයේ නිරික්ෂණය වන ප්‍රාදේශීය වෙනස්කම් වලට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ අක්ෂාංශ වල බලපෑමට වඩා උන්නතාංශයේ බලපෑමයි. කලින් කල හිරුගේ ගමනේ සිදුවන වෙනස්වීම් සහ වර්ෂාපතනය නිසා ඇති වූ සමහර නව වෙනස්කම් අනුව මාසික මධ්‍යන්‍ය උෂ්ණත්වය මද වශයෙන් වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය සැලකීමේදී පහත් බිම් වල අතිශයින් එකසමාන උෂ්ණත්ව තත්වයන් ද උස්බිම් වල සීඝ්‍රයෙන් අඩු වන උෂ්ණත්ව තත්වයන් ද ප්‍රදර්ශනය කරයි. පහත් බිම් වල 27.5°C ක වාර්ෂික උෂ්ණත්වයක් සමග 100m සිට 150m උන්නතාංශයක් දක්වා 26.5°C සහ 28.5°C අතර වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය විචලනය වේ. උස්බිම් වල උන්නතාංශයේ වැඩිවීමත් සමග ඉතා ඉක්මනින් උෂ්ණත්වය පහල බසී. මුහුදු මට්ටමේ සිට 1800m ඉහලින් පිහිටි නුවරඑළියේ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය 15.9°C කි. මාසික මධ්‍යන්‍ය උෂ්ණත්වයට අනුව වඩාත් ශීත මාසය සාමාන්‍යයෙන් ජනවාරි වන අතර වඩාත් උණුසුම් මාස අප්‍රේල් සහ අගෝස්තු වේ.

වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය වෙරලාසන්න පහත් බිම්වල 27°C සිට (මුහුදු මට්ටමේ සිට 1900m ක් ඉහළ) මධ්‍යම කඳුකරයේ නුවරඑළියේ 16°C ත් අතර විචලනය වේ. හිරු බබලන වෙරළ තීරයක් සහ දිවයින අභ්‍යන්තර වැසි වනාන්තර ලෙස පෙන්නුම් කරන මෙම අද්විතීය ලක්ෂණය සංචාරකයන්ට ආකර්ෂණයකි

annual temratures

දේශගුණික කාල පරිච්ඡේද

 

දිවයිනේ ඉහත සඳහන් භූ ලක්ෂණ සහ නිරිතදිග සහ ඊශාන දිග මෝසම්, ප්‍රාදේශීය මට්ටමේ සුළං ශ්‍රී ලංකාවේ දේශගුණයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ශ්‍රී ලංකාවට මාස 12 ඇතුළත බලපාන දේශගුණය පහත සඳහන් පරිදි දේශගුණික කාල පරිච්ඡේද 4 ක් පෙන්නුම් කරයි.

 

1. පළමු අන්තර් මෝසම් කාලය (මාර්තු - අප්‍රේල්)

මෙම කාලයේ ආවේණික කාලගුණික ලක්ෂණ වනුයේ විශේෂයෙන්ම අපරභාගයේ සහ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි කාලගුණයකි. මෙම කාලය තුළ වර්ෂාපතනයේ ව්‍යාප්තිය පෙන්නුම් කරනුයේ නිරිත දිග බෑවුම්වල සමහර ස්ථාන වලට මි.මී. 700 ක වර්ෂාපතන අතිරික්තයක් ලබාදෙමින් (කෑරගල මි.මී. 771) කඳුකරයේ සම්පූර්ණ නිරිත දිග ප්‍රෙදේශයටම මි.මී. 250 ක වර්ෂාපතනයක් ලැබෙන බවයි. යාපනය අර්ධද්වීපයේ දක්නට ලැබෙන කැපීපෙනෙන වෙනස (යාපනය මි.මි. 78 අලිමංකඩ මි.මි. 85) හැර දිවයිනේ බොහෝ ප්‍රදේශ පුරා වර්ෂාපතන ප්‍රමාණය මි.මී. 100 සිට මි.මී. 250 දක්වා විචලනය වේ.

first inter monsoon season

2. නිරිත දිග මෝසම් කාලය (මැයි - සැප්තැම්බර්)

මෙම මෝසම් කාලයේ සුළං සහිත කාලගුණය පළමු අන්තර්මෝසම් කාලය පුරා පැතිර පැවති උණුසුම ඉවත් කරයි. දිවා රාත්‍රී දෙකෙහිම නිරිතදිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි අතර සමහරවිට එය දිවයිනේ ප්‍රධාන වශයෙන් නිරිතදිග ප්‍රදේශයට කඩින් කඩ වැසි බලාපොරොත්තු විය හැකිය. මෙම කාලයේ ලැබෙන වර්ෂාපතනය මි.මී. 100 සිට මි.මී. 3000 අතර විචලනය වේ. බටහිර බෑවුම් වල මධ්‍ය උස්බිම් වලට වැඩිම වර්ෂාපතනය ලැබේ (ගිනිගත්හේන මි.මී. 3267, වටවල මි.මී. 3252, නෝර්ටන් මි.මී. 3121)  මෙම උපරිම ප්‍රදේශවල සිට වඩා ඉහළ උස්බිම් දක්වා වේගයෙන් වර්ෂාපතනය පහත වැටෙන අතර නුවරඑළියේ ද එය මි.මී. 853 දක්වා පහළ බසී. නිරිතදිග වෙරළබඩ තීරය දෙසට මෙම විචලනය වඩා අඩු වේගයකින් යුක්ත වන අතර මෙම මාස 5ක කාලය ඇතුළත  නිරිතදිග වෙරළබඩ තීරය මි.මී. 1000 සිට මි.මී. 1600 ක වර්ෂාපතනයක් ලැබේ. අඩුම අගයක් උතුරු සහ ගිණිකොණ දිග ‍ප්‍රදේශවලින් වාර්තා වේ.

southwest monsoon season

3. දෙවන අන්තර්මෝසම් කාලය (ඔක්තෝබර් - නොවැම්බර්)

අපරභාගයේ හෝ සන්ධ්‍යාභාගයේ ගිගුරුම් සහිත වැසි මෙම කාලයේ ආවේණික කාලගුණික ස්වභාවයයි. පළමු අන්තර්මෝසම් කාලයේ මෙන් නොව, බෙංගලා බොක්කේ අවපාත සහ සුළිසුළං මෙම දෙවන අන්තර්මෝසම් කාලයේ සුලභ වේ. එම තත්වයන් යටතේ සමහර අවස්ථාවන්හිදී ගංවතුර සහ නායයෑම් වලට ලක්වෙමින් මුළු දිවයිනම තද සුළං සහ පුළුල් ලෙස ව්‍යාප්ත වුණු වැසි කාලගුණයකට මුහුණ පායි. ඔ‍ක්තෝබර් - නොවැම්බර් අන්තර්මෝසම් සමය ශ්‍රී ලංකාවේ වඩාත් හොඳින් සමතුලිත වර්ෂාපතන ව්‍යාප්තියක් ඇති කාලසීමාවයි. සමස්තයක් වශයෙන් මුළු දිවයිනම මෙම කාලය තුලදී මි.මී. 400 ක අතිරික්ත වර්ෂාපතනයක් ලබන අතර නිරිතදිග බෑවුම් මි.මී. 750 - මි.මී. 1200.ක පරාසයක ඉහල වර්ෂාපතනයක් ලබයි. (යටියන්තොට වේවැල්තලාව වතුයායෙන් මි.මී. 1219 ක් වර්තා විය)

second inter monsoon season

4. ඊසානදිග මෝසම් සුළං (දෙසැම්බර් - පෙබරවාරි)

අධික ශීත උදෑසන කාලයන් කිහිපයක් හැර අවට ප්‍රසන්න සහ සුවදායක කාලගුණ තත්වයක් ඇතිකරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සාපේක්ෂව සිසිල් එහෙත් වියළි කාලගුණ තත්වයක් ඉන්දියානුවේ සිට හමන වියළි ශීත සුළඟ මගින් දිවයිනේ ස්ථාපනය කරනු ඇත. වළාකුළු රහිත අහස දීප්තිමත් හිරු එළිය සහිත දිවා කාලයන්ද ප්‍රසන්න සිසිල් රාත්‍රී කාලයන්ද ඇති කරනු ඇත. මෙම කාල සීමාව තුළ වැඩිම වර්ෂාපතන අගයන් කඳුකරයේ ඊසාන දිග බෑවුම් ප්‍රදේශ වලින් ද නකල්ස් / රන්ගල කඳුවැටියේ නැගෙනහිර බෑවුම් වලින් ද වාර්තා වේ. මෙම කාල සීමාව තුළ ඉහළ ම වර්ෂාපතනය කොබෝනැල්ල වතුයායෙන් ද (මි.මී. 1281) ද අඩුම වර්ෂාපතනය පුත්තලම අවට බටහිර වෙරළ ප්‍රදේශයෙන් ද (මි.මී. 177 ක් හලාවතින්) වාර්තා විය.

northeast monsoon season

northeast monsoon season 02

ශ්‍රී ලංකාව උත්තර අක්ෂාංශ 5 ත් 10 ත් අතර පිහිටීම නිසා දිවයිනට උණුසුම් දේශගුණයක් මධ්‍යස්ථ ප්‍රමාණයක් සමුද්‍ර සුළං සහ සැලකියයුතු තෙත් බවකින් යුත් කාලගුණයක් හිමිවේ. මධ්‍යන්‍ය උෂ්ණත්වය මධ්‍යම කඳුකරයේ නුවරඑළියේ 15.8°C (ශීත සමයේ දින කිහියක සමහර අවස්ථාවලදී තුහින පතිත විය හැකිය) අවම අගයක සිට ඊසාන දිග වෙරළ තීරයේ ත්‍රිකුණාමලයේ 29°C ක ඉහළ අගයක් (උෂ්ණත්වය 37°C  දක්වා ඉහළ නැගිය හැක) දක්වා පරාසයකින් යුක්ත වේ. සමස්ථයක් වශයෙන් ගත් කළ දිවයිනේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 16°C සිට 28°C ක පරාසයකින් යුක්ත වේ. දිවාරාත්‍රී උෂ්ණත්වය 4-7 දක්වා වෙනස් විය හැකිය. ජනවාරි සිසිල්ම මාසය බැවින් විශේෂම කඳුකරයේ වැසියන්ට කබා සහ ශීත ඇඳුම් ඇඳීමට සිදුවේ. ග්‍රීෂ්ම මෝසම් වැසි වලට පෙර ලබන මැයි මාසය උෂ්ණත්ව කාල පරිච්ඡේදයයි.

seasonal rainfall

වර්ෂාපතන රටාවට ඉන්දීය සාගරයේ සහ බෙංගාල බොක්කේ මෝසම් සුළං වල බලපෑම අනුව සිදුවන අතර ප්‍රධාන කාල 4 කට වෙන්වී ඇත. පළමුවැන්න නිරිත දෙසින් සුළං ඇතිකරමින් ඉන්දීය සාගරයේ සිට තෙතමනය ගෙන එන මැයි මැද සිට ඔක්තෝබර් දක්වා වන කාලසීමාවයි. මෙම සුළං මධ්‍යම කඳුකර බෑවුම් අසලට පැමිණි විට එම සුළං කඳුබෑවුම් වලට සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වලට දැඩි වර්ෂාපතනය ඇති කරයි. සුළං මුහුණතේ පිහිටි සමහර ප්‍රදේශ වලට මසකට සෙ‍.මී.250 ක පමණ වර්ෂාපතනයක් ලැබෙන නමුත් නැගෙනහිර සහ ඊසාන දිග සුළං මුවාවේ බෑවුම් වලට ඉතා අඩු වර්ෂාපතනයක් ලැබේ. දෙවන කාලය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඇතිවන අන්තර්මෝසම් මාස කිහිපයයි. මෙම කාලසීමාව තුළ හදිසි කුණාටු ඇතිවන අතර, දිවයිනේ නිරිතදිග, ඊසානදිග සහ නැගෙනහිර ප්‍රදේශවල අඳුරු වලාකුළු අහස සහිත සහිත වැසි ඇති කරයි.තෙවන කාලයේදී එනම් දෙසැම්බර් සිට මාර්තු සෘතුවේදී බෙංගාල බොක්කෙන් තෙතමනය ගෙන එමින් ඊසාන දිගින් මෝසම් සුළං හමා එයි. මෙම මාස කිහිපය තුළ දිවයිනේ ඊසාන දිග ප්‍රදේශ සෙ.මී. 125 වර්ෂාපතනයකින් ජල ගැල්මකට ලක්විය හැකිය. සැහැල්ලු වෙනස් විය හැකි සුළං තත්වයන් සහ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි රැගත් තවත් අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක් මාර්තු සිට මැයි දක්වා ඇති වේ.

නිරිත දිග සහ කඳුකර ප්‍රදේශවල සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය ඉහළ වන අතර කාලීන වර්ෂාපතන රටාවන් ඊට බලපායි. උදාහරණයක් වශයෙන් කොළඹ දිවා කාලයේ ආර්ද්‍රතාවය වසර පුරාම වාගේ සියයට 70 ක් වන අතර මෝසම් සමයේ ජුනි මාස 900 දක්වා ඉහළ නගී. අනුරාධපුර ප්‍රදේශයේ දිවා කාලයේ ආර්ද්‍රතාවය අන්තර්මෝසම් කාලයේ එනම් මාර්තු මාසයේ 60% තරම් අඩු අගයක් ගන්නා නමුත් නොවැම්බර් දෙසැම්බර් වැසි සමයේ 79% ක් තරම් ඉහළ යයි. කඳුකරයේ මහනුවර දිවා කාලයේ ආර්ද්‍රතාවය සාමාන්‍යයෙන් 70% ත් 79 % ත් අතර පරාසයක් වේ.

 

 climate colombo climate nuwaraeliya   climate anuradhapura

 

දේශගුණික විපර්යාසය අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය

දේශගුණික වෙනස්වීම් පිළිබඳ ගැටළු හඳුන්වාදීම සඳහා 1999 ජුනි 11 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස දේශගුණික වෙනස්වීම් අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.

යම් ස්ථානයක දීර්ඝකාලයක් පුරා (එක් මාසයක සිට වර්ෂ මිලියන ගණනාවක් දක්වා, නමුත් සාමාන්‍යයෙන් වර්ෂ 30ක් දක්වා) වායුගෝලයේ පවත්නා තත්වය දේශගුණය ලෙස අර්ථනිරූපණය කෙරේ. දේශගුණය යනු වායුගෝලීය මූලද්‍රව්‍ය (සහ ඒවායේ වෙනස් වීම්වද) එනම් සූර්ය කිරණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාව. වලාකුළු, වර්ෂණය (ආකාරය, තීව්‍රතාව, ප්‍රමාණය) වායුගෝලීය පීඩනය සහ සුළං (වේගය සහ දිශාව) යන මේවායේ එකතුවකි.

නිවර්තන කලාපයේ උත්තර අක්ෂාංශ 50 55/ සිට 90 51/ දක්වා පරාසය අතර සහ නැගෙනහිර දේශාංශ 790 42/ ත් 810 53/ ත් අතර ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව දිවයිනේ දේශගුණය නිවර්තන කලාපික දේශගුණික ලක්ෂණවලින් යුක්ත වේ.

භූ ලක්ෂණ

දිවයිනේ දක්ෂිණ අර්ධයේ මධ්‍යම කොටස කි.මී. 2.5 ට වැඩි උසින් යුත් කඳු සහිත ප්‍රදේශයකි. මධ්‍යම උස්බිම් වල අභ්‍යන්තරය, වැටි, කඳු මුදුන්. සානු, නිම්න, මිටියාවත්, මොහොර වැනි සංකීර්ණ භූ ලක්ෂණ වලින් සමන්විතය. දිවයිනේ ඉතිරි ප්‍රදේශයට අයත් පහත් බිම් තැනින් තැන ඉස්මතු වී තිබෙන කුඩා කඳු ගැට හැරුණු විට සාමාන්‍යයෙන් තැනි බිමකි. විශේෂනේම මෝසම් සමයේ ව්‍යාප්ත වන සුළං රටා, කාලීන වර්ෂාපතන, උෂ්ණත්ව, සාපේක්ෂ ආර්ද්‍රතා සහ අනෙකුත් දේශගුණික තත්වයන්ට මෙම භූ ලක්ෂණ බෙහෙවින් බලපායි.

වර්ෂාපතනය

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට බහුවිධ සම්භවයක් ඇත. වාර්ෂික වර්ෂාපතනයෙන් බහුතරය

 

 මෝසම්, සංවහන, සුළිසුළං වැසි වලින් යුක්ත වේ. වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය වඩාත් වියළි පෙදෙස් වල (ඊසාන දිග සහ ගිණිකොණදිග) මි.මී. 900 අඩු ප්‍රමාණයක සිට වඩාත් තෙත් පෙදෙස් වල (මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම්) මි.මී. 5000 ට ඉහළ ප්‍රමාණයේ දක්වා වෙනස් වන විවිධි ප්‍රමාණවලින් යුක්ත වේ. (1 වන රූපය)

climate change 01

 

 change climate 02

 

මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පහත සඳහන් වේ.

දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ කටයුතු.
දේශගුණික විපර්යාස සමීක්ෂණය කිරීම.
දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටළු පිළිබඳ දැනුවත් කිරීම.
තොරතුරු එක්රැස් කිරීම හා බෙදා හැරීම.
දේශගුණික විපර්යාස පිළිබඳ ආදර්ශ ක්‍රියාවේ යෙදවීම.
ලේඛන සම්පාදන සේවා.
අදාළ ජාත්‍යන්තර නියෝජිත ආයතන සමග සම්බන්ධතා ඇති කර ගැනීම.
දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශන වලට සහය වීම.
දැනට මෙම මධ්‍යස්ථානය කාලගුණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ ම පිහිටුවා ඇති අතර එහි ක්‍රියාකාරකම් විවිධ ක්ෂේත්‍රයන් ගෙන් තෝරාගත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරුන්ගෙන් සමන්විත තාක්ෂණික උපදේශන කමිටුවක මග පෙන්වීම යටතේ සිදු කරනු ලබයි.

වැඩිදුර තොරතුරු

දේශගුණික විපර්යාස අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
385, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
දුරකථන : +94 11 2676259
ෆැක්ස් : +94 11 2676259