මුල් පිටුව
blinking red light alert

ADVISORY

2024-04-22

කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2024 අප්‍රේල් මස 24 දින සඳහා කාලගුණ අනාවැකිය

2024 අප්‍රේල් මස 23 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණතරමක තද වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 අප්‍රේල් මස 23 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

   වැසි තත්ත්වය:
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
සුළංබස්නාහිර දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2024අප්‍රේල් මස 22 දින සවස 04.00 ට නිකුත් කරන ලදි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     

දිනය :

2024-04-23

නගරය

උෂ්ණත්වය(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

37

26

95

50

සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

මඩකලපුව

33

26

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

33

25

95

70

සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

ගාල්ල

31

27

80

70

සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

යාපනය

35

27

95

65

සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

මහනුවර

34

24

90

55

සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

නුවරඑළිය

25

12

95

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

36

26

95

60

සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ත්‍රිකුණාමලය

35

27

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

34

28

90

70

සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

 

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.8°C
Vauniya
min temperature
Min. Temperature 12.7°C
Nuwara Eliya
max rain
Max. Rainfall 65.5mm
Madampe AWS(Ratnapura)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data