ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
2013 ජූනි මස 20 වන දින දහවල් 12.00 ට නිකුත් කරන ලදි.
පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී සහ යාපනය සිට ත්‍රීකුණාමළය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇත.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ යාපනය සිට ත්‍රීකුණාමළය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගනී. ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).




