Department Internal Examinations - 2016
blinking red light alert

WARNING

2024-05-19

blinking red light alert

ADVISORY

2024-05-19

කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2024 මැයි මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 19 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 19 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල තද වැසිද ඇති විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා  පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.  කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක..  

මුහුදේ ස්වභාවය:

බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා  පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන අතර කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.


ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2024මැයි මස 19 දිනසවස 04.00 ට නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයතවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේබොහෝප්‍රදේශවලඅහසවළාකුලින්බරවපවතිනුඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

දිවයිනහරහාවිටින්විටහමනපැ.කි.මී. (30-40)පමණතරමක තදසුළංඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2024-05-20
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 32 24 95 60 වැසි වාර කිහිපයක්
මඩකලපුව 32 25 95 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 29 24 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 28 24 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 32 25 95 75 විටින් විට වැසි
මහනුවර 29 22 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 21 15 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 30 23 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 32 25 95 70 වැසි වාර කිහිපයක්
මන්නාරම 31 25 95 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
           

 

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 34.8°C
Anuradhapura
min temperature
Min. Temperature 15.8°C
Nuwara Eliya
max rain
Max. Rainfall 215mm
Kesbewa (COLOMBO DISTRICT)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data