දිවයින අවට මුහුද සදහා කාලගුණ අනාවැකිය

 

ඉදිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 අප්‍රේල් මස 25 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

වැසි තත්ත්වය:

පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

සුළඟ:

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දකවා වන මුහුදු ප්‍රදේශවල සුළංගිනිකොණ දෙසින් හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.