හිමිකම් නොපෑම

මෙම අඩවිය මෙහෙයවනු ලබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසිනි.

මෙම අඩවියේ අන්තර්ගත සියලු දේ දැනගැනීම සඳහා පමණි. වෙනත් ආකාරයකින් දක්වා නැති කල්හි, මෙම වෙබ් අඩවියේ අන්තර්ගත දේ බුද්ධිමය සහ කර්මාන්ත දේපළ පිළිබඳ නීතියෙන් ආවරණය වන බැවින් ඒවා ප්‍රතිනිෂ්පාදනය හෝ අනුවර්තනය සියලුම අවස්ථාවන්හි අවසර ලබා ගැනීමට යටත් වන්නේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි අන්තර්ගත වන තොරතුරුවල නිරවද්‍යභාවය, ප්‍රවිෂ්ටවිය හැකි බව, සම්පූර්ණත්වය සහ කාලෝචිතභාවය එම දෙපාර්තමේන්තුව සහතික කරන නමුත් ඒ ගැන වගකියන්නේ නැත. කලින් දැනුම් දීමකින් තොරව මෙම වෙබ් අඩවියේ අඩංගු කරුණු ඕනෑම වේලාවක වෙනස් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකිය.

අත්සන් කර ඇති ලිපිවල, ප්‍රකාශනවල, අධ්‍යයනවල සහ අනෙකුත් ලේඛනවල ප්‍රකාශිත මත පිළිබඳ වගකීම ඒවායේ කතෘන් සතු වන අතර ඒවා මෙම වෙබ් අඩවියට ඇතුළත් කළ පමණින් ඒවායේ ප්‍රකාශිත මත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමත කරන බවක් අදහස් නොකෙරේ.

වෙළඳ ආයතනවල, වාණිජ නිෂ්පාදනවල සහ ක්‍රියාවලීන්හි නම් සඳහන් වූ පමණින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒවා අනුමත කරන බවක් එයින් ඇඟවෙන්නේ නැත. එසේම වෙළඳ ආයතනයක්, වාණිජ නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සඳහන් කිරීමට අපොහොසත්ව තිබීම ඒවා අනුමත නොකිරීමේ සංඳාවක් නොවේ.

අනෙකුත් වෙබ් අඩවිවලට සම්බන්ධ වීම් සපයා ඇත්තේ පහසුවක් වශයෙන් පමණි. එම අනෙකුත් වෙබ් අඩවිවල අඩංගු තොරතුරු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වගකියන බවක් හෝ ඒවා අනුමත කරන බවක් එයින් කිසිසේත් ගම්‍ය නොවේ. දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන කිසිඳු අලාභහානියක් සම්බන්ධයෙන් වගකීමට කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව බැඳී නැත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 පෙබරවාරි 07 වෙනි සදුදා, 15:24  

කාලගුණ / දේශගුණ සේවාවන්

තොරතුරු සේවාවන්

අන්තර්ගත දැකුම් වැදුම් : 2858990